Thursday, January 5, 2012

පාසල් කළමනාකරණයට SMS

දැන් කට්ටිය ආත භූත වෙලා ඇති කොහොමද SMS එකකින් ඉස්කෝලයක් කළමනාකරණය කරන්නෙ කියල. බය වෙන්න එපා මේ ඒ SMS නෙවෙයි.මේ SMS කියල කියන්නේ School Management System කියන එක කෙටි කරල. මේක ඇවිල්ල Web Application එකක්, develop කලේ රුහුණ විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා තොරතුරු  ඉංජිනේරු  අධ්‍යනාංශයේ අපි කිහිපදෙනෙක්. අපේ ප්‍රධාන අරමුණු වුණේ....


  • පාසලක සියළුම පාර්ශවයන්ගේ දත්ත ක්‍රමවත්ව ගබඩා කිරීමට Data Management System  එකක් සකස් කර දීම.
  • දරුවාගේ ක්‍රියාකාරකම් පිලිබඳව දෙමව්පියන් දැනුවත් කිරීමේ ස්වයංක්‍රීය පද්ධතියක්..(මේක තමයි ලමයි අකමැතිම කෑල්ල... මොකද ලමයෙක්ගෙ discipline ගැන bad remark එකක් වැටු‍ණොත් එවෙලෙම අම්මට හරි තාත්තට හරි sms එකක් යනවා ළමය කරපු දේ ගැන. කාලා හමාරයිනේ ඉතිං...)
  • විෂය භාර  ගුරුතුමන්ලා තමන්ට අදාල විෂයේ ලකුණු ඇතුලත් කිරීමට සැලසීම.
  • එමගින් පන්ති භාර ගුරුතුමාට විභාග ලකුණු process කිරීම පහසු කිරීම.
  • දරුවාගේ exam results  අම්මට හරි තාත්තට හරි sms එකක් මගින් යැවීම.( එතකොට ළමය ගෙදර යන්න කලින් results ගිහිල්ල ඇති... )
මේ ගැන තවත් විස්තර ඉදිරි post හා videos වලින්....

Saturday, October 29, 2011

Android විප්ලවය

අද Android කියන වචනෙ අහල නැති කෙනෙක් ඇමේසන් වනාන්තරෙන් වත් හොයා ගන්න බැරි වෙයි මම හිතන්නේ.... ඒ තරමටම Android ජනප්‍රිය වෙලා තියෙන්නේ. මෙහෙම ගියොත් Symbian වගේ අනිත් OS විතරක් පාවිච්චි කරන mobile companies වල අයිතිකාරයොන්ට හේන් කොටන්න තමයි වෙන්නේ..
Android මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නේ Linux 2.6 Kernel එක උඩ. ඉස්සෙල්ලාම Android Inc කියන company එක තමයි Android develop කරල තියෙන්නෙ.පස්සෙ Google එකෙන් ඒක සල්ලි වලට අර ගත්ත 2005 දී. සෙල්ලම් නෑ Google කෙලින්ම Android වල නිර්මාතෘවරුන් විදිහට සලකන
  • Andy Rubin 
  • Rich Minor
  • Nick Sears
  • Chris White
set එකත් එක්කම තමයි අරන් තියෙන්නෙ. ඊට පස්සෙ Google, Open Handset Alliance එක්ක එකතු වෙලා වැඩේ දිගටම කරගෙන ගියා. මේ පහුවුනු ඔක්තෝබර් 19 තමයි  Android 4.0 කියන අලුත්ම version එක release කලේ.මේ  version එකේ code name එක තමයි Ice Cream Sandwich . Samsung Galaxy Nexus කියන phone එකත් එක්ක තමයි  Android 4.0  market එකට release කරල තියෙන්නෙ.  මේ වෙනකං release වුණ Android Version පහත table එකෙන් බලා ගන්ටකෝ...



Android Version
Code Name
Date of Release
Android 1.0
-           
September 23, 2008. 
Android 1.5
Cupcake
April 30, 2009. 
Android 1.6
Donut
September 15, 2009
Android 2.0
Eclair
October 26, 2009. 
Android 2.2
Froyo
20 May 2010
Android 2.3
gingerbread
December 6, 2010
Android 3.0
HoneyComb
January 26, 2011
Android 4.0
Ice Cream Sandwich
19 October 2011
Table 1: Android Evolution

තවත් Android ගැන දේවල් ඉදිරි post බලාපොරොත්තු වෙන්න.......




Monday, September 12, 2011

Linux Customizing.....(Fedora 13) (PART 2)

මම මෙච්චර දවසක් දෙවනි post එක පරක්කු කලේ කවුරු හරි උණූ උණූවේ මේක කියවනකං....
හ්හා හා හා.....
එක්කෙනෙක් මේක කියවල...
සන්තෝසේ බැරුවා...
ඕං එහෙනං මම කතාවේ ඉතිරි හරිය කියනවා.....
අපි හිතන් හිටියේ දැන් වැඩේ ඉවරයි කියලා...කොහෙද???  අපේ in-charge ආවා අපිව බැහැ දකින්න. ඔය කිව්වට අපිව නෙවෙයි,අපේ වැඩේ බලන්න.
අපිට දුන්නා TARGET ටිකක් cover කරන්න.ඔන්න අහගන්නකෝ...

  • මෙය භාවිතා කරන කිසිම නර පණුවෙකුට system settings වලට අත වත් තියන්න බැරි වෙන්න ඕනි.(SYSTEM MENU ඔක්කෝම hide කරන්න ඕනි)
  • Desktop එකේ icon  තිබුණා කියල හාං කවිස්සියක් වත් නැති වෙන්න ඕනි.
  • අග්නි හිවලගේ HISTORY මොකුත්ම නොතියෙන්න ඕනි.(සැ.යු:-අග්නි හිවලා යනු Firefox සඳහා හෙල යෙදුම වේ.-හෙල බස පිළිබඳ මහාචාර්ය අ.නු.බ දිසානායක) :D
ඊට පස්සේ TARGET එකෙන් තමයි කතාවෙ දුක හිතෙන හරිය පටන් ගන්නේ.....
  • මෙම නව මෙහෙයුම් පද්ධතිය මේ හතර දිබ්බාගෙම නැති (ඒ කියන්නෙ ලොවෙත් නැති,ලොවි ගහෙත් නැති,ගහ වටෙත් නැති) එකක් විය යුතුය.
කෙලිය නේද මහරජ!!!
දැන් ඉතින් මක්කෙයි කොරන්නෙ. 
මේ Linux project එකත් හරියට ජීවිතේට දැකල කතා කරල නැති බවලතෙක් කසාද බැන්ද වගේ. 
දැන් ඉතින් වෙන කුමක් කරන්නද? 
අපි හිත ඇත්නම් පත කුඩාද කියල හිතල .... හිත හදාගෙනම වැඩේට බැස්ස...
මම වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් කාලා බීලා ඉවර වෙලා නිදාගත්ත.
කවුදෝ සුදු මහත්තයෙක් හීනෙන් ඇවිත් කිව්වා..
"
දරුව!!!
Linux වල menu සම්බන්ධ files තියෙන්නේ /etc/xdg/menus/ කියල folder එකක.ඒකට ගිහින් බලන්න මොනා හරි ජිල් මාට් එකක් දාලා වැඩේ ගොඩ දාගන්න කියල"
මම පහුදා ගිහින් බැලුව....
google දෙයියන්ටම ඔප්පු වෙච්චා වේ.....මේ තියෙන්නේ බඩු...
files ටික වෙනස් කරපු විදිය ඊළඟ post එකෙන් කියන්නම්කෝ.....

Sunday, September 4, 2011

Linux Customizing.....(Fedora 13) (PART 1)

මම මේ දවස් වල Industrial Training ඉන්නේ Srilankan Airlines IT Division එකේ. මමයි මගේ තව යාලුවෙකුයි තමයි එකට ඉන්නේ. අපිට ගිය ගමන් උදේ පාන්දරම ලැබුනෙ linux Project( Internet KIOSK) එකක්. අනේ ... හපොයි.. වෙච්ච දෙයක්.අපි ඉතින් උපන් දවසේ ඉඳන් Windows අතපත ගාපු ඈයොනේ..මෙහෙ වටපිටාව හින්දා මඤ්ඤං වෙලා හිටපු අපිට (දන්නවනේ ඉතින්  Srilankan Airlines කියන්නේ කොහොම තැනක්ද කියලා.... ) ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ.
 රුහුණ E-fac එකේ අපි challenge වලට ඔට්ටුයිනේ... ඔන්න අපි නමෝ විත්තියෙන් වැඩේ පටන් ගත්ත. ආ.... මට කියන්න බැරි උනානෙ KIOSK එකක් කියන්නෙ මොකක්ද කියල.  මේක කියවන හැමෝම ATM machine එකකින් සල්ලි අරන් ඇති කියල මම හිතනවා. ATM machine එකත් KIOSK එකක් තමයි. KIOSK එකක අරමුණ තමයි ඒක භාවිතා කරන userට අවම වරප්‍රසාද දීල userගේ අදාළ අවශ්‍යතාව ඉටු කරල දෙන එක. පොඩ්ඩක් හිතල බලන්න ,අපිට පුළුවන්ද ATM machine එකක සල්ලි ගන්නවයි , account balance එක බලනවයි ඇරෙන්න වෙන මුකුත් කරන්න. නමුත් අදාල බැංකුවේ අදාල නිලධාරියාට පුළුවන් ATM machine එකට සල්ලි දාන්න, transaction details බලන්න තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපේ  Internet KIOSK Project එකත් ඒ වගේ එකක් තමයි. මේකෙදි userට පුළුවන් Internet browse කරන්න විතරයි. අඩුම තරමේ icon එකක් තියෙන තැනවත් වෙනස් කරන්න බෑ.
කාලා හමාරයි කියහන්කෝ.....
කොහොමද මෙච්චර කෙලියක් කරන්නේ....
මූලික වශයෙන් මේක කරන්න ඕනි දේවල් තමයි...

  • Fedora 13 OS එක
  • Xguest package එක 

Xguest package එක develop කරල තියෙන්නේ Dan Walsh කියල කෙනෙක්. මේකෙදි කරන්නේ lockdown user කෙනෙක් ඒ කියන්නේ අඩුම වරප්‍රසාද සහිත user කෙනෙක්  හදන එක. අපි හිතන් හිටියෙ Fedora දාල Xguest package එක install කරාම ඔක්කොම හරි කියල..
ඊට පස්සේ වුණ දේවල් ඊලඟ post එකෙන් කියන්නම්කෝ........